Colombo Today Local News

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්‌ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්‌වාගත් බවද පැවසූහ.

මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්‍රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඤාණසාර හිමියෝ කීහ.

වද සැත්කම් කිරීම සදහා රජය ලබාදී ඇති නිර්දේශවලට අනුව වයස අවුරුදු 26ක් සම්පුර්ණ වී තිබිය යුතු බවත් අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු සිටිය යුතු බවත් දෙවැනි දරුවාගේ වයස අවුරුදු දෙකකට වඩා වැඩිවිය යුතු බවත් ප්‍රකාශ කර සිටි ඥානසාර හිමි වයස 26 සිමාව 40 කල යුතු බවත් දරුවන් දෙදෙනාගේ සිමාව දරුවන් 3 දෙනෙකු විය යුතු බවත් යෝජනා කර සිටියා.

එංගලන්තයේ දිනකට වද සැත්කම් කල හැක්කේ දිනකට 10ක් බවත් අධික ජනගහනයක් ජිවත්වන බංගලාදේශයේ එය 15ක් බවත් ලංකාවේ දිනකට සැත්කම් 40ක් කල හැකි බවත් මෙහිදී ඥානසාර හිමි පෙන්වා දී සිටියා.

Related posts

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

colombotoday

හමුදාවට භාර වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛණය අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday