Colombo Today Local News

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

mithrepalaඅලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප සියලු ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අලුත් පක්ෂයක් හැදුවොත් ජනවාරි 08 වැනිදාට වඩා ලොකු පෙරළියක් කිරීමට තමා සූදානම් බවත් එම පක්ෂය පිහිටවූදාට තමන්ගේ වැඩ බලා ගත හැකි බවත්ය.

සිය මැතිවරණ ආසනවලට ගොස් ඉදිරි මැතිවරණය සඳහා තම තමන්ගේ හැකියාවෙන් වැඩකටයුතු කරන ලෙසත්, එහිදී කවුරු සහභාගී නොවුණද තමන්ගේ වැඩ තමන් විසින්ම සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු ආසන සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තමාගේ ගමන් හෙමින් ගමනක් බවත් එනිසා ඉදිරියේදී පක්ෂය වෙනුවෙන් ගන්නා තීරණ ගැන බලා සිටින ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න.. පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතීන් එක්වී ජනපති හමුවෙයි

colombotoday

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin