Colombo Today Local News

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

shammi22

එක්නැලිගොඩ නඩුවට අදාලව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි යුද හමුදා සන්නදධ බුද්ධි බළකායේ නැගෙනහිර හිටපු ප්‍රධානී ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත රාජපක්ෂ අවිස්සාවේල්ල මහෙත්ත්‍රාත්වරයා විසින් අද ඇපමත නිදහස් කරනු ලැබීය.

රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් ඇප දෙකක් මත බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට පසුගියදා අවිස්සාවේල්ල අධිකරණය නියෝග කළද අදාළ ඇපමුදල් ගෙවීම සදහා මුදල් නොමැතිවීමෙන් නැවත් වරක් බන්ධනාගාරගත වීමට එම නිලධාරීන් දෙදෙනාට සිදුවිය.

සමාජ ජාල ඔස්සේ සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන විසින් කරන ලද ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ යුතුකම දත් පුරවැසියන් විසින් දින දෙකකට අඩු කාලයක් ඇතුළත එම මුදල සම්පූර්ණ කරගැනීම සදහා සහය ලබා දී තිබිණි.

අදාල මුදල සම්පූර්ණ කරගැනීමට දායකත්වය දක්වමින් 18 මාසයකට පසු තම ආදරණීය සැමියාට සහ අනිත් රණවිරුවාට නිදහස ලබා ගැනීමට සහය දැක්වූ සියළුම දෙනාට අනේකවාරයක් ස්තූතිවන්ත වන බව අප සමග දුරකථනයෙන් සම්බන්ධවෙමින් ශම්මි කුමාරරත්න මහත්මිය පැවසුවාය.

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday