Colombo Today Local News

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

ch-fs22

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියළු වගකීම් දැරීම සදහා ඇතිකිරීමට අවධානය යොමුව ඇති නව අමත්‍යධූර ලබා ගැනීම සදහා අමාත්‍ය චම්පික රණවක සහ ෆීල්ඩ්මාර්ෂල්, ඇමති සරත් ෆොන්සේකා අතර සීතල යුද්ධයක් ගිනියම් වෙමින් පවති.

මේ වන විට දෙදෙනාම තමන්ට හිතවත් වෙබ් අඩවි සහ පුවත්පත් උපයෝගී කරගෙන ජාතික ආරක්ෂාව පිළිබද නව ඇමතිධුරයට පත්වන්නේ තමන් යැයි පුවත් පලකර ඇත.

චම්පික රණවක ඇමතිවරයා අදාළ ඇමතිධුරය තමන්ට ලබාදෙන්නැයි ජනපතිවරයාට කන්නලව් කර ඇති අතර, අගමැතිවරයා හරහා අදළ ඇමති ධූරය තමන්ට ලබා ගැනීමට ෆොන්සේකා ඇමතිවරයා බලපෑම් කර ඇත. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වගකීම සේනාධිනායකවරයා වන ජනාධිතිධුරය යටතේ  තවදුරටත් තබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද තොරතුරු මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

colombotoday

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

colombotoday