Colombo Today Local News

කිළිනොච්චියේ ස්ථානයකින් හමුදා නිළ ඇඳුම් සමග ඇටසැකිලි මතුවේ. – සමූහ මිනීවළක් දැයි සැකයක්

කිළිනොච්චිය විලාවෝටෙයි ප‍්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇඳුම්, හමුදා නිලධාරීන් භාවිත කරන මෙවලම් සමග මිනිස් ඇටසැකිලි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකොට එම ස්ථානය සමූහ මිනී වළක් ද නැද්ද යන්න තහවුරු කරන ලෙස කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (5) පොලිසියට නියෝග කළේය.

කුඹුරු හිමියා කුඹුරට ජලය ලැබෙන පැරණි වේල්ලක් ඉවත් කිරීමට යෑමේදී යුද හමුදා ඇඳුම් කොටස් හමුවීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ යුද සමයේදී මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් ඝාතනය කරන ලද බවට සැක කළ හැකි යුද හමුදා භටයින්ගේ මළ සිරුරු මිහිදන් කරන්නට ඇති බවයි.

පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණ පොළොවෙන් උඩට මතු වී තිබූ යුද හමුදා නිල ඇඳුම්, හමුදා නිලධාරීන් භාවිත කරන වතුර බෝතල් ඇතුළු මෙවලම් ද මිනිස් ඇටසැකිලි කොටස් ද පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස නියෝග කොට තිබේ.

කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම ඇටසැකිලි කොටස් මිනිස් ඇටසැකිලි බව තහවුරු කොට ඇති අතර ඔහු ඒ පිළිබදව පරීක්ෂා කොට වාර්තාවක් ද නිකුත් කොට තිබේ.

ඒ අනුව මේ ස්ථානයේ ඇත්තේ සමූහ මිනී වළක් ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා 6 වැනිදා සිට දිගටම කැණීම් කටයුතු ආරම්භ කරන බව කිළිනොච්චිය පොලිසිය සඳහන් කරයි.

දිනසේන රතුගමගේ – දිවයින

Related posts

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

colombotoday

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වෙයි…

colombotoday

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday

බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදෙන්න ගිය බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday