Colombo Today Local News

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඝාතනයවීමට විරෝධය පලකරමි අද (25) උතුරු පළාත පුරා කඩ සාප්පු වසා හර්තාල් ව්‍යාපාරක් ආරම්භ කර තිබේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පැවසුවේ වවුනියාව, යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි වෙළෙඳ සැල් හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් වඩා දමා ඇති බවයි.

සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරන ටෙලෝ පක්ෂය, ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලෝට් සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය, වර්ධරජා පෙරුමාලේ නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ්. වර්ධරාජා පාර්ශවය, ආනන්ද සංගරී නායකත්වය දරන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ මහජන කොංග්‍රස් පක්ෂය ආදි දෙමළ දේශපාලන පක්ෂ රැසක් හර්තාල් ව්‍යාපාරය පැවැත්වීම වෙනුවෙන් සහයෝගය පළකොට ඇති බවද ඔහු පවසයි.

Related posts

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

colombotoday

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday