Colombo Today Local News

හකීම් – බදුර්දීන් කැබිනෙට්ටුවේදී ඇරගනී.. “තමුසෙ පල්හොරෙක්“ දෙන්නාම කැරැට්ටුව වමාරයි

hakeem-badurdeen

ටෙන්ඩර් කොමිස් ගැසීම් හා වංචා දූෂණ සම්බන්ධයෙන් අමාත්‍ය රවූෆ් හකීම් සහ අමාත්‍ය රිෂාද් බදුර්දීන් දෙපළ එකිනෙකාට චෝදනා කර ගැනීම නිසා පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි ලෙස උණුසුම් වී ඇත.

එක් අමාත්‍යවරයෙක් හොරකම් සම්බන්ධයෙන් අනෙකාට චෝදනා කරද්දී අනෙකා පවසා ඇත්තේ “තමුසෙ පල් හොරෙක්“ බවයි.

ඇමති රිෂාද් බදුර්දීන් අපනයන සංවර්ධන මණ්ඩලය හරහා තඹ පිටරට යැවීම සම්බන්ධයෙන් ඇමති රවූෆ් හකීම් විරෝධය පළකර එහිදී සිදුවූ දූෂණ සම්බන්ධයෙන් තමන්ට හෙළිදරව් කිරීමට පුළුවන් යැයි පවසද්දී, ජල සම්පාදන මණ්ඩලයේ ටෙන්ඩර් කොමිස් ගැන රහස් තමන්ට හෙළිකළ හැකි යැයි ඇමති බදුර්දීන් පවසා ඇත.

මේ ආකාරයට ඇමති දෙපොළ කාකොටා ගනිද්දී ජනපතිවරයා මැදිහත් වී වහාම වාග් සංග්‍රාමය නතර කරන්නැයි නියෝග කොට ඇතැයිද සදහන් වේ.

Related posts

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

කොටි ඩයස්පොරාව යහපාලන රජය සමග හිටගනී.. දැයක අභිමන් පෙන්වූ බ්‍රිගේඩියර්ව දඩුකදේ ගහන්න ඉල්ලයි..

colombotoday