Colombo Today Local News

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

dllan-perera-dilrukshiජනාධිපතිවරයා පසුගියදා කළ කතාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට ඇඟිල්ල දිගු නොකළ ද, ඇයගේ ඉල්ලා අස්වීම ‘තොප්පිය දමාගැනීමක්’ විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ, ජනාධිපතිවරයා පසුගියදා කළ කථාවෙන් කිසිවිටෙකත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට චෝදනා නොකළ බවය.

“එතුමිය ඉල්ලා අස්වෙච්ච හේතු අහන්න ඕන එතුමියගෙන්. ජනාධිපතිතුමාගේ කතාව ඊට හේතුවක් වෙන්න බැහැ. මොකද ජනාධිපතිතුමා කාටවත් ඇඟිල්ල දිගු කළේ නැහැ. තොප්පිය හරි කට්ටිය තොප්පිය දාගෙන තියෙනවා,” ඔහු පැවසීය.

“මම කියන්නේ කිසිම චෝදනාවක් නැත්නම් ඇයි ඒ වගේ දක්ෂ නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ.”

ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉලක්ක කරගනිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට හේතුවුයේ ආණ්ඩුවට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට අල්ලස් කොමිසම ක්‍රියාමාර්ග ගැනීම නිසා නොවේදැයි කළ විමසීමට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකලාපය පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

(බිබිසි සංදේශය)

Related posts

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

colombotoday