Colombo Today Local News

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

gotabhayaජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග රහස් ගිවිසුමක් ඇතැයි පැතිර යන වාර්තා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.

වර්තමාන ජනාධිපතිතුමාට රණවිරැවන්ව අධිකරණයට ගෙනඒම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම සතුටුදායකයි.. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියලා මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවීමෙන්..මේ සම්භන්දව ජනාධිපතිවරයා සහ මා අතර කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ.

‘අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන් ම.මක් නිසාද යත් , දගගෙට නියම වී සිටින්නේ අපි වෙනුවෙන් ජීවිත පරදුවට තියලා රට ගැන සිතා සටන් කළ රණවිරැවන්.ඔවුන් ආරක්ෂා කර ගැනීම අපි අපේ යුතුකමක් ලෙස සැමවිටම සළකමු.

පැහැදිලිවම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය රහස් පොලීසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය දේශපාලන අවශ්‍යතා වලින් බැහැරව ස්වාධීන නෛතික රාමුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදය , භෞමික අකණ්ඩතාවය හා රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා වන අයුරින් ක්‍රියාත්මක විය යුතු බව මාගේ දැඩි ස්ථාවරයයි.

– Gotabaya FB

Related posts

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

colombotoday

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

Admin

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday