Colombo Today Local News

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

mithrepala-ravi-karunanayake

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර බැලූ බැල්මට මත ගැටුමක් පවතින බව පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැට් සංශෝධනය හා බියර් ආනයනයේදී ජනාධිපතිවරයාගේ උපදෙස් ඉක්මවා ගොස් බදු සහන ලබා දීම වැනි ක්‍රියාවලින් තුලින් ඒ බව හොදින්ම දැකගත හැකි වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පුවත්පතකට ලියයන ලද තීරු ලිපියකිනි. එයින් උපුටා ගත් කොටසක් පහත දැක්වෙයි.

“ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර යම්කිසි මත ගැටුමක් තිබෙන බවට බැලූ බැල්මට අපට පෙනෙන්නට තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ප්‍රසිද්ධියේ එක් දෙයක් කියද්දි,මුදල් ඇමතිවරයා වෙනත් දෙයක් ක්‍රියාවට නංවනවා. වැට් බදු වැඩි කිරීමට කටයුතු කිරීමේදී මේ බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. වැට් බද්ධ සංශෝධනය කරන බවටත්, එහි ඇති අසාධාරණ දෑ ඉවත් කරන බවටත් ජනපතිවරයා ශපථ කරමින් කියා සිටියා.

නමුත් මුදල් ඇමතිවරයා මේ බව කිසිසේත්ම ගණන් නොගනිමින් එම වැට් පනත පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරන්න කටයුතු කළා. කොහොමවුණත් එයට එරෙහිව ආපු පෙත්සම් සලකා බලමින් වැට් බදු පැනවීම තාවකාලිකව නවතා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළාට පස්සෙත් ජනාධිපතිවරයා කීවේ වැට් සංශෝධනයේ පවතින හානිදායක දෑ නොගෙනෙන බවයි. නමුත් වචන වෙනස් කරමින් පරණ වැට් බද්දම ගෙනත් තිබෙනවා.

වැඩියෙන්ම බියර් බොනනේ කාන්තාවන් බවත්, එය සමාජ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා එක් තැනකදී ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා එහෙම කියද්දී මුදල් ඇමති රවි කරුණානායක මහතා කරන්නේ බියර්වලට තිබෙන බදු ඉවත් කිරීමයි. එහෙම බදු සහන දෙන එක සාධාරණීකරණය කිරීමට මුදල් ඇමතිවරයා කියනවා.

පසුගිය කාලයේ බලපෑ අධික ගංවතුවෙන් බියර් කර්මාන්ත ශාලාවට අධික අලාභයක් වූ නිසා මෙම බදු සහන දෙන බවයි. නමුත් ඒ බදු සහනය ගංවතුරින් විනාශ වුණ කුඩා ව්‍යාපාර වෙනුවෙන් ලබාදෙන්න මුදල් ඇමතිවරයා කටයුතු කළේ නෑ. ගංවතුර නිසා ව්‍යාපාර කරගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයන්ට සහනයක් දුන්නේ නෑ. නමුත් ලංකාවේ බියර් ආනයනය කරන විශාලම සමාගමට බදුවලින් තොරව බියර් ආනයනය කරන්න අවස්ථාව දෙනවා. මේවා බලාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ රටේ දේශීය කර්මාන්ත වට්ටන්න දැවැන්ත හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. ඒ වගේම මේ පිටිපස්සේ සැඟවුණ රහස් ගණනාවක් ඇති ඒවා ඉදිරියට එළියට එයි.”

Related posts

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන ආයුර්වේද නිෂ්පාදනයක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

colombotoday

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

colombotoday

‘හමුදා තොරතුරු උසාවියට දෙන්න එපා’ – ජනපති නියෝග කරයි

colombotoday

” පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්න එපා “

colombotoday