Colombo Today Local NewsHot News

මෛත්‍රී නොගිය මංගලාරාමයට මහින්ද යයි.. නව සමරුඵලකය විවෘත කර විහාර මන්දිරය සසුනට පුදයි

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) විවෘත කරන ලදි.

මෙම විහාර මන්දියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුනේ පසුගිය ජූලි මසදීය. කිහිප වරක් ආරාධනා කර තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැමිණීමට විරෝධය පලකරමින් මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කර තිබු සමරු ඵලකය කඩා ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.

මඩකලපුව නගරයේ ඇති එකම සිංහල බෞද්ධ විහාරයට පැමිණීමට නොහැකි නම් රටේ ජනාධිපති ගේ වුවත් ඵලකය පන්සලේ ගසාගෙන සිටීමට අවශ්‍ය නැති නිසා තමන් එම ඵලකය කඩා විනාශ කල බව පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පැවසූහ.

කෙසේ වෙතත් ඊයේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවති පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. එහිදී ජනාධිපතිවරයාගේ නම තිබූ කඩා බිඳ දැමූ සමරු ඵලකය වෙනුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් කර නව සමරු ඵලකයක් ඉදිකර තිබිණි.

එම සමරු ඵලකය හිටපු ජනාධිපතිවරයා විසින් විවෘත කළේය.

e1d9649da60231710bac4318065a6823_l8ea294dcd4e9cdc59174a074998af4e0_l0014650

Related posts

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් බඩුත් එක්ක අල්ලයි

Admin

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

හරක්කටාට CIDයෙන් පනින්න උදව් කළ සැකකරුවෙකුගේ නිවසින් ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ…

Admin

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

උඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට අලි සබ්රි, ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

colombotoday