Colombo Today Local News

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

කොටි රූපවාහිනී සේවයේ නිවේදිකාවක වූ ඉසෙප්‍රියාගේ ජීවිත කතාව අලලා දකුණු ඉන්දියා සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගනේෂන් නිර්මානය කළ ‘‘පෝර කලත්තින් ඔරුපු‘‘ හෙවත් ‘‘යුද පිටියක එක පුෂ්පයක්‘‘ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරමින් චෙන්නායි මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

චිත්‍රපටයට අසත්‍ය සිදුවීම් පාදක කර ගෙන ඇතැයි ඉසෙප්‍රියාගේ මව වේදරංජනී පැවරූ නඩුවකට අනුව චෙන්නායි පහළ අධිකරණයක් මීට පෙර අවස්ථාවකදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දුන්නේය.චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගනේෂන් එම නියෝගය අභියෝගයට ලක් කරමින් චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ මහාධිකරණය මෙම නියෝගය පැනවූයේය.

නියෝගය පනවමින් මහාධිකරණ විනිසුරවරයා ප්‍රකාශ කර සිටියේ මෙම චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට වුවමනාවෙන්ම පහර ගසා ඇති බව පැහැදිලිව පෙනෙන බවය.එවන් පදනමක් ඇති චිත්‍රපටයක ප්‍රදර්ශනය තහනම් කරමින් පහළ අධිකරණයක් ලබාදී තිබූ නියෝගය නිවැරදි බවද, විනිසුරවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙවැනි අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් වනුයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති මිතුදම පළුදු වීම බවද විනිසුරවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉසෙප්‍රියා අත්අඩංගුවට ගෙන ඇයට බරපතල වද හිංසා පමුණුවා ඝාතනය කළේ යැයි චෝදනා කරමින් මෙම චිත්‍රපටය නිර්මානය කර ඇතැයි දැනගන්නට තිබේ.

https://youtu.be/pBq-AY4cWXA?t=12

Related posts

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Admin

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ

colombotoday