Colombo Today Local News

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

ranil-w-tamil-nadu

දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 5ක් සමග ශ්‍රී ලංකාව ඒකාබද්ධ ආර්ථික කලාපයක් පිහිටුවීමෙන් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ලබා ගතහැකි වෙළද හා ආර්ථික වාසි පිළිබදව ගැඹුරින් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූවේ පෙරේදා (06) නවදිල්ලියේ පැවති ඉන්දීය ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය සිදු කරමිනි.

මේ වසර අවසන් වීමට පෙර “එට්කා“ ගිවිසුම අත්සන් කිරීමට දෙරට එකගවූ බූ බවද ඒ හරහා දකුණු ඉන්දියාවේ තමිල්ණාඩු, තෙලන්ගානා, කර්ණාටක, ආන්ද්‍රා, කේරළ ප්‍රාන්ත සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමෙන් මෙරටට ආර්ථික වාසි ලබා ගත හැකි බවද එහිදී ප්‍රකාශ විය.

මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රවීන දේශපාලන විචාරක ආචාර්‍ය දයාන් ජයතිලක මහතා අනතුරු අගවා සිටින්නේ, දකුණු ඉන්දියාව සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමෙන් ශ්‍රී ලංකාවට දැඩි අවාසිදායක තත්වයක් උදාවන බවයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට පයින් ගසමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර වූ නරක ප්‍රතිපත්තිවලට එළඹෙමින් සිටින බවද දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

Related posts

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනයෙන් පැමිණිල්ලක්

colombotoday