Colombo Today Local News

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

SB 445

රී ලංකාව වැනි පුංචි රටකින් ඉන්දියාව වැනි බලවත් රටකට අමුඩ ලේන්සුවක් හෝ විකුණාගන්නට හැකිනම් එය අපට වාසි සහගත තත්ත්වයක් බව සුබසාධන හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉන්දියාව සමඟ අත්සන් තබන එට්කා ගිවිසුම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක ලෙස සකස් කරගැනීම රජයේ අපේක්ෂාව බවයි.

එබැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, ඒ ගැන වාද විවාද පවත්වා, ජනතාවගෙන්ද අදහස් විමසා වෙනස්කම් ඇතොත් වෙනස්කම් සිදුකොට ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

ඉන්දියාව වැනි විශාල රටකට ලංකාව වැනි කුඩා රටක රැකියා අවස්ථා ආදිය ලබාගැනීම පිළිබඳ අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ලංකාව වැනි කුඩා රටකින් ඉන්දියාවට ලබාගත හැකි වාසිය ඉතා අල්ප බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහෙත් ඉන්දියාව යනු කලාපයේ බලවතා බැවින් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම සත්‍යයක් බවත් ඒ නිසාම අප විසින් චීනය, පාකිස්ථානය, අමෙරිකාව දෙසට නැඹුරුවන විට ඔවුන් කලබලයට පත්වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

JVP කැසිනෝ ගසති ?

colombotoday

සිවාජිලිංගම් යලි ෆෙඩරල් ඉල්ලයි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් මිදීය නොහැකි බව ද කියයි

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පල කරන්නන් ගැන CID විමර්ශන..

colombotoday

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday