World

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

bresala-islam-atack

බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිහි ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, මෙය හුදෙකලා ත්‍රස්ත ප්‍රහාරයක් බවට එරට ආරක්ෂක අංශ සැක පළකරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

එක් පොලිස් නිලධාරියෙකුගේ ගෙලට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අනෙක් නිලධාරියාගේ උදරයට පිහි ප්‍රහාරය එල්ල වී ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ සහායට පැමිණි තෙවැනි පොලිස් නිලධාරියා විසින් ත්‍රස්ත සැකකරුගේ පාදයකට වෙඩි තබා ප්‍රහාරය පාලනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරකයාද රෝහල්ගත කර ඇති අතර, ඔහු බෙල්ජියම් ජාතික හිචාම් ඩී නමැති 33 හැවිරිදි ඉස්ලාම් භක්තිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය අගොස්තු 6 වනදාදා බ්‍රසල්ස් නගරයේදී ඉස්ලාම් භක්තිකයෙකු විසින් “අල්ලාහ් හුඅක්බර්“ යැයි කියමින් පොලිස් නිලධාරිනියකට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබූ බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපොළට හා මෙට්‍රෝ ප්‍රවාහන පද්ධතියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට ත්‍රස්ත අවදානම ඉහළ නංවා ඇති අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තුවාල ලැබීය. අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.

Related posts

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය පාලක කන්සර්වේටිව් පක්ෂයට. පරාජය හේතුවෙන් කම්කරු පක්ෂයේ නායකයා ඉල්ලා අස්වේ.

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday