Colombo Today Local News

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

Mano Ganeshan

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රකාශවලින් රජය හෝ දකුණේ කිසිවෙකු අපහසුතාවයට පත්ව ඇත්නම් ජාතිවාදය ඇවිස්සේමෙන් වැළකී ඔහුට එරෙහිව පවතින නීති රාමුව ක්‍රියාවට නංවමින් නඩු මගට පිවිසීමේ හැකියාව පවතින බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

උතුරෙන් සිංහල ජනතාව ඉවත් කිරීමටත්, නැවත පදිංචි කිරීම නොකරන ලෙසත් උතුරේ බුදු පිළිම, පන්සල් ඉවත් කරන ලෙසත් ඉල්ලා උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණු හර්තාල් ව්‍යාපාරය සහ ඔහුගේ ප්‍රකාශයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් අමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීවේය,

අපි ජාතියක්‌ හැටියට වෙන වෙනම නැඟිටිමු කියපු කාලය අවසන්. දැන් කළ යුත්තේ ශ්‍රී ලාංකිකයිනි නැගිටිව් කියා එක්‌ව කටයුතු කිරීමයි. නැවත ගහ මරා ගන්නා යුගයකට යැමට කිසිවකුත් සූදානමක්‌ නොතිබිය යුතුයි. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු දිය යුත්තේ දේශපාලනික වශයෙන්.

Related posts

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

වඳ චෝදනා එල්ලවූ දොස්තර සාෆි සිටි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දූරය මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකුට

colombotoday

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

colombotoday

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin