මේ වසරේ නැකැත් නැතිවීම නිසා අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් නොකරන බව මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ උඩුනුවර පැවති උත්සවයක් අමතමිනි. මේ වසර අවසාන කලයේ නැකැත් නැති නිසා එන ජනවාරියේදී කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය, කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය එසේ වැඩ ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.
නැකැත් තිබුනේ නම් මේ වසරේම ඒවායේ වැඩ අරඹන්නට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.