Colombo Today Local News

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

jf265

පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (26) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ලුතිනන් කර්නල් යයස් වීරසිංහ ඇතුළු හමුදා නිලධාරීන් පස් දෙනා මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ 1997 වසරේදී සිදුවූ පුද්ගල අතුරුදන්වීම් දෙකකට අදාලවයි.

අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙන අතර, අදාළ හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි. නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන් නැවත අද දිනයේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබ සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධරීන් 9 දෙනෙකුට නොතීසි නිකුත් කර ඇති බවද සදහන් වනවා.

Related posts

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? – ඇවන්ගාඩ් සේනාධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday