අරගලයට පන පොවන ඒකාබද්ධ විපක්ෂයේ නව ජනතා බලවේගය ලබන 08 වනදා රත්නපුරදී එළිදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
එම නව ජනතා බලවේගයේ මංගල රැළිය රත්නපුරදී පවත්වන බවද ඇය කියයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
නව දේශපාලන පක්ෂයක් හදනවාදැයි එහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇය කියා “අලුත් පක්ෂය හැදෙන හැටි බලන්න 08 වෙනිදාට එන්න” ලෙසය.