Colombo Today Local News

කොටි සැකකරුවන් 26ක් දඩුවම ලිහිල් කර එළියට ගන්න ඇමති – නීතිපති සාකච්ඡා

lt33gg

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින රැඳවියන් 96 දෙනාගෙන් 23 දෙනෙකුගේ දඬුවම් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු ඇමති ඩී.එම්. ස්වාමිනාදන් මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව දඬුවම් ලිහිල් කරන රැඳවියන්ගේ කැමැත්ත මත මාස 6 ක කාලයක්‌ පුනරුත්ථාපන කාර්යාංශය හරහා පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමට නියමිතය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින රැඳවියන් 96 දෙනාට මහාධිකරණයේ අධිචෝදනා ද ගොනු කර ඇත.

මෙලෙස රැදවුම් භාරයේ  සිටින්නේ බස්රථවල හා දුම්රියවල බෝම්බ තැබූවන්, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළ හා සැළසුම්කළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්තයන් බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

Related posts

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

ඖෂධ හිඟයෙන් ලංකාවේ පිළිකා රෝගීන් අපහසුතාවට

Admin

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday