තමන්ට තිබූ ප්රශ්න ඕනෑම දෙයක් හිටපු ජනාධිපතිවරයා හමුවී කතා කල හැකිව තිබූ බවත්, මහින්ද මහතාද හැකි උපරිමයෙන් තම ජනතාවට උදවු කළ බවත්, අද වන විට ජනාධිපති කවුද අගමැති කවුද කියාවත් තමන් දන්නේ නැති බවත්, ඔවුන් හමුවී තම දුක්ගැනවිලි කීමට අවස්තාවක් නැති බවත්, රතුගල ආදිවාසී නායක සුදා වන්නියලඇත්තෝ පවසයි.
බලධාරීන්ගේ හව්හරණක් නොමැතිව තම වරිගයේ අද අද අන්ත අසරණව සිටින බවත්, ආදිවාසී ජනතාවට කල උදවු උපකාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවියෙක් බවට පත් වේවා යයි පින් දෙන බව ද වන්නියලඇත්තෝ පවසති.