Colombo Today Local News

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

car sale2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907 ක් ලෙසින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙන්නේ මෙලෙස වසරේ මුල් මාස 08 තුළ ලියාපදිංචි කර තිබෙන වාහන 313,465 න් හරි අඩක් පමණ මෝටර් සයිකල් වන බවයි.

පසුගිය වසරේ මුල් මාස 08 තුළ ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව වන 668,907 මෙතෙක් ඉතිහාසයේ වසරක මුල් මාස 08 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන වැඩිම මෝටර් රථ ලියාපදිංචිය බව ඔහු පෙන්වා දේ.

මෑත කාලීනව වාහන ආනයන බදු ඉහළ යාම, බැංකු පොළී අනුපාතික ඉහළ යාම වැනි හේතූන් මෙලෙසින් වාහන ලියාපදිංචිය පහත වැටීමට හේතුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ට නගී

colombotoday

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday