යෝජිත නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහ අර්ධ අනාගමික, ලෞකික රාජ්‍යයක් ඇතිකළ යුතු බවත්, ඊට සියළු දෙනා සහයෝගය දිය යුතු බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පවසයි.
ඉන්දියාවේ පවතින්නේද එවැනි ක්‍රමයක් බවත්, කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දිම අවශ්‍ය නොමැති බවත්, ජාතීන්ට අයිතිවාසිකම් ලබා දීමෙන් මහ ජාතියේ අයිතිවාසිකම් නැති වෙන්නේ නැති බවත් ඇය අවධාරණය කළේ ජාතික සංහිඳියාව සඳහා ජාතික ලේකම් කාර්යාලය විසින් කොලඹදී පවත්වන ලද සම්මන්ත‍්‍රණයක් අමතමිනි.