Colombo Today Local News

උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට නියමිතයි – ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂක අංශ භාරයේ ඇති උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3030 ඉදිරි වසර තුළ නිදහස් කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අදියර දෙකක් යටතේ ඉඩම් නිදහස් කිරිමට අපේක්ෂා කරන බවයි.

උතුරු පළාතේ මහජන ඉඩම් අක්කර 21,659 ක් සහ පෞද්ගලික අංශය සතු ඉඩම් අක්කර 7022 ක් පවතී. ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, නැගෙනහිර පළාතේ අක්කර 21,519 ක් මහජනතාව සතුව පවතින බව ය.

පසුගිගයදා දිවයිනේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදි.

Related posts

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

අත්අඩංගුවට පත්වන සැකකරුවන් ගැන ක්‍රියාත්මක වීමට පොලිසියට මානව හිමිකම් කොමිසමෙන් නව උපදෙස්..

Admin

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේ

colombotoday