කුරුණැගල මාළිගාපිටිය ක්රීඩාංගණයේ ඊයේ පැවති ශ්රී ලංකා නිදහස් පක්යේ 65 වන සමුළුවට ලක්ෂ 5කට අධික පිරිසක් සහභාගී වූ බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
අද වන තෙක් පැවති කිසිදු දේශපාලන පක්ෂයක සංවත්සරයක් සදහා පාක්ෂිකයින් එතරම් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි.
ඉකුත් දින කිහිපයේ ඉවත් කළ ආසන සංවිධායකවරුන් ඉවත් කරනු ලැබුවේ ආසන බලමණ්ඩල සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බවද පවසන ඇමතිවරයා, සමුළුවට සහභාගී නොවූ පිරිස් සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොකරන බවද කියා සිටියි.