Colombo Today Local News

නරකම ගුවන්තොටුපළවල් 10 අතරට කටුනායකත් එක්වෙයි !

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල ආසියානු රටවල් අතර ඉතා දුර්වලතම ගුවන් තොටුපොල අතරින් දස වන ස්ථානයට පත්ව තිබෙනවා.

විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ නේපාල්හි කත්මණ්ඩු ති‍බුවාන් අන්තර්ජාතික ගුවන් තොටුපොල එහි පළමු ස්ථානයේ සිටින බවයි. උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොල 2 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් හමීඩ් කර්සායි අන්තර් ජාතික ගුවන් තොටුපොල තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ගුවන් තොටුපොලක පවතින විවිධ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පෙළගැස්ම සිදුකර තිබෙන අතර, ගුවන් මගීන්ට ලබාදෙන පහසුකම් සහ ආහාර පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

ගුවන් මගීන්ගේ ගමන් මළු සම්බන්ධයෙන් වගකීමක් දැරීමද මෙහිදී සැලකිල්ලට ලක්කර තිබෙනවා. කටුනායක බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේ අඩුපාඩු රැසක් පවතින බවයි අදාළ වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ. ගුවන් තොටුපොල පරිශ්‍රය දැඩි ලෙස අපවිත‍්‍ර වි තිබෙන අතර, වැසිකිළි පද්ධතියද පිරිසිදු මට්ටමක නොමැති බවයි එහි දක්වා ඇත්තේ.

කාර්ය මණ්ඩලයේ අකාර්යක්‍ෂමතාවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

Related posts

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

colombotoday

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday