Colombo Today Local News

“කොල්ලෝ කෙල්ලෝ ජල ප්‍රහාර වලට ආසයි.. ගැහුවේ ඒකයි.. අපිත් ඉස්සර ඔහොමයි” – ඇමති හරීන්

harin fernandoකොල්ලන් කෙල්ලන් කඳුළු ගෑස් ජල ප‍්‍රහාරවලට ආසාවක් දක්වන බව ඇමති හරීන් ප‍්‍රපාන්දු මහතා පවසයි.

ඊයේ දිනයේ සරසවි සිසු විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කිරීම ගැන සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු එසේ අදහස් පල කලේය.

අධි ආරක්‍ෂිත කලාපයට නොපැමිණෙන ලෙම පොලීසිය සිසුනට දන්වා තිබියදී එය නොතකා ගමන් කලේම එම ප්‍රහාර එල්ල කරවා ගැනීමට බවද කී ඇමති හරීන් අපද එවැනි කාලයක් පසුකළ බවද කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ, එම සිසුවා දක්ෂයෙක් බැවින් ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දීම පිළිබදව සලකා බලන බවයි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සයිබර් අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට නව නීති ගෙන එන බවද ඇමතිවරයා එහිදී පැවසීය.

Related posts

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකර

colombotoday

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

colombotoday

ජූනි 13 රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday