තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (31දා) සවස අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.
රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් – ටායෙක් මහත්මිය ශ්රී ලංකාවට පැමිණියහ.
ජගත් මහ ලේකම් වරයා උතුරේ සංචාරය කිරීමට නියමිත අතර රජයේ සංහිදියා සහ ප්රතිසන්ධාන ක්රියාවලියේ ප්රගතිය නිරීක්ෂණය කිරීමටද නියමිතය.