Colombo Today Local News

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

Ranil wickramasingheමහ භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසාය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කරමින් සිට පෙරේදා (24) සිය තනතුරුවලින් ඉවත් වූ කිසිවකු යළි සේවයට බඳවා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට‍ ඊයේ (25) උපදෙස් දුන්නේය.

එම ඉල්ලා අස් වූ නිලධාරින් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආදී රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සේවය කරද්දි එම ආයතනවල මහා පරිමාණයේ දූෂණ, අක්‍රමිකතා, කොමිස් ගැහීම් සහ මහජන මුදල් අවභාවිත කිරීම මහා පරිමාණයෙන් සිදු වු බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එවැනි නිලධාරීන් ඉවත්වීම මෙරට රාජ්‍ය සේවයට සිදු වූ සෙතක් බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වූ එම නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීමට පෞද්ගලික ව්‍යවසාය පනත කඩනමින් ගෙනවිත් තරුණ හා දක්ෂ නිලධාරින් අදාළ තනතුරුවලට පත් කිරිමට රජය ‍අපේක්ෂා කරයි. නව පනත මගින් විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳ නිලධාරින්ට වගකීම් පහක් හිමි වන අතර කිසියම් නිලධාරියකු භාරකාරත්වය දරන දොපර්තමේන්තුවක දූෂණයක්, අක්‍රමිකතාවක් සිදු වුවහොත් එම නිලධාරියා සිරගත කිරීමට ඇතිවන ආකාරයට නව පනත සකස් කිරිමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.

Related posts

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday