Colombo Today Local News

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

Hyde125කොළඹ නගර සීමාව තුළ පිටිහි ක්‍රීඩාංගන 23ක් දේශපාලන රැස්වීම් සහ පෙළපාලි ආදියට ලබා දීම අත්හිටුවීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

දේශපාලන රැළි සදහා නිතර භාවිතා කරන හයිඩ් පිටිය, රත්නම් ක්‍රීඩාංගනය, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය ඇතුළු සැළකිය යුතු ක්‍රීඩාංගන ප්‍රමාණයක් මේ අතරට අයත් වේ.

පාපන්දු ඇතුළු ක්‍රීඩා සඳහා ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගන නිරන්තරයෙන් දේශපාලන රැළි සඳහා ලබාදීම හේතුවෙන් එම ක්‍රීඩාංගන ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කළ පුද්ගලයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව කොළඹ නාගාරික කොමසාරිස් එම්.කේ.වී. අනුර මහතා පවසයි.

එම නිසා එවැනි ක්‍රීඩාංගන දේශපාලන කටයුතුවලට ලබාදීම අත්හිටුවා නැවත ක්‍රීඩා සඳහා මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසයි.

Related posts

කෝටි 6ක හෙරොයින් සමඟ පකිස්ථානුවා දැලේ

colombotoday

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

colombotoday