හෝ ගාන පොකුණ චිත්රපටය තුළ බුදුරජාණන්වහන්සේ ගේ සුත්ර දේශනාවක් වැරදියට අර්ථ දක්වා ඇති බව පවසමීන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (04) දිනයේ චිත්රපට සංස්ථාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
එහිදී එම පිළිබඳ අදහස් දැක්වු ඥානසාර හිමී
පසුගිය කාලේ නිර්මාණ වූ චිත්රපට විකාශයට පෙර හාමුදුරුවරුන්ට පෙන්නුවා. මෙම චිත්රපටය පෙන්නුවේ නැහැ. අපෙත් වැඩි අවධානයක් තිබුණේ නැහැ මේක ළමා චිත්රපටයක් නිසා. මෙම චිත්රපට නිර්මාණකරුවා ඉතාම වැරදි විදියට සුක්ෂම විදියට හානි කර තියනවා. මේක දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් චිත්රපටය පෙන්නලා ඉවරයි. නමුත් ඉන් පසු නිකුත් වෙන ඩි. වී .ඩි පට මහජනයාට යන එක නතර කරන ලෙස ද චිත්රපට සංස්ථාවට පැවසු බව අවධාරණය කර සිටියේය.