ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑලියගොඩ නගරයෙන් ඉදිරියට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අංශවෙත රජයේ ප්‍රධානියකුගෙන් උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.
මෙම පාගමන නැවත්වීම සදහා ඊයේ දිනයේදී තහනම් නියෝගයක් ලබාගැනීමට පොලීසිය කල ඉල්ලීම අධිකරණය විසින් ඉවත දමනු ලැබීය.
ඒ අනුව පාර්ශව දෙකක් ගැටීමට සලස්වා ඒ හරහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඒකාබද්ධ විපක්ෂ පා ගමන පෑළියගොඩදී විසුරුවා හැරීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ මේ වනවිට වාර්තා පලවෙමින් පවතිනවා.