Colombo Today Local News

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

ආණ්‌ඩුව මාධ්‍යවලට බලපෑම් නොකරනවා සේම මාධ්‍යවලට වල් බූරු නිදහස දීමට සූදානම් නැති බවත් ඒ සඳහා නව පනතක්‌ ළඟදීම ගෙන එන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ පැවසීය.

මාධ්‍ය සම්බන්ධයෙන් පනතක්‌ සකස්‌ කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (26 දා) ඇමැති මණ්‌ඩලයට දැනුම් දුන් බව කී ඇමැතිවරයා සියලු අදහස්‌ යෝජනා සහිතව ඉදිරියේදී එය සකස්‌ කරන බව ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණ්‌ඩුව මාධ්‍ය පාගන්න හෝ බලපෑම් කිරීමට කටයුතු නොකරන බව ද මාධ්‍යය ද වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව ද කියා සිටියේය.
අගමැතිවරයා මාධ්‍ය ආයතන හා කර්තෘවරුන් එල්ල කර සිදුකරන දොaෂාරෝපණ පිළිබඳව එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත බැණීම අනුමත කළ නොහැකි බව පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

Admin

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday