Colombo Today Local News

ගංජා අල්ලන්න ගිය පොලීසියට සමන්තුරේදී ගුටි.. පොලිසියේ 5ක් රෝහලේ.. ජීප් රියත් කුඩුපට්ටම් කරලා

msk258අම්පාර සම්න්තුරේ තෙන්නල් ග්‍රාමම් ප්‍රදේශයේ ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් හා පොලුවලින් පහර දී පොලිස් ජීප් රථයටද අලාභහානි සිදුකර තිබෙනවා.

මෙම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලීසියේ කොස්තාපල්වරු හතර දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව සමන්තුරේ පොලීසිය පවසයි.

පෙරේදා (17) පස්වරුවේ අම්පාර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙලෙස වැටලීමට ගොස් ඇති අතර, එහිදී පොලීසිය උපාය දූතයෙකු යොදාගෙන තෙන්නල් ග්‍රාමම් හි අංක 5/2 දරණ නිවසින් ගංජා පැකට් දහයක් මිළදී ගෙන ඇත.

පසුව අදාල ස්ථානය පරීක්ෂාකර ගංජා අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදීයි මෙම පහරදීම සිදුව තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙනුවට වෙනත් අයෙකු ඉදිරිපත් කරමින් පොලිස් රාජකාරියට බාධා කර ඇති නිවැසියන් හා කලහකාරීන් ප්‍රදේශවාසීන් පොලු මුගුරුවලින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර එහි සිටි කාන්තාවන් විසින් පොලිස් ජීප් රථයට ගල්මුල් වලින් පහරදී දැඩිලෙස අලාභහානි සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත, සහකාර පොලිස් අධිකාරී හේමන්ත දික්ඔවිට යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව සමන්තුරේ පොලීසිය පවසයි.

Related posts

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday