Colombo Today Local News

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

kalmunei5412කල්මුණේ වෙරළබඩ කළාපය අම්පාර දිස්ත්‍රික්කයෙනේ ඉවත් කර වෙනම දිස්ත්‍රික්කයක් ලෙස පිළිගන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැවත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය නායක ක්‍රිඩා නියෝජ්‍ය ඇමති එච්.එම්.එම්. හරීස් ප්‍රකාශ කරන්නේ එම ඉල්ලීමට ඉටු නොකරන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

කල්මුනේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය එහි මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් බවත්, ඊට ප්‍රතිවිරුද්ධ මතවලට ඉඩ දි මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වල දැමීමට ඉඩ දිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කර තිබේ.නගරාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එසේ නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයේදී විරුද්ධව තම ඡන්දය භාවිතා කරන බවයි.

එමෙන්ම බහුතරයක් දෙමළ බස කතා කරන මුස්ලිම් ජනතාව වෙසෙන අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජාතික පරිපාලන නිලධාරීන් පත්වීම අසාධාරණ බවත් ඔහු පවසයි.

නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා මුස්ලිම් කොංග්‍රස් හිටපු නායක අශ්රොෆ් 2004 දී ඉදිරිපත් කළ කුප්‍රකට ඔලුවිල් ප්‍රකාශය පාදකව මුස්ලිම් කොංග්‍රසය විසින් අවස්ථා කිහිපයකදීම කල්මුණේ වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලීම පැවති රජයන්ට ඉදිරිපත් කර තිබිණි. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී ද කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්ක ඉල්ලීම ඉදිරිපත් වුණ අතර හිටපු ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කිරීම නිසා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් යහපාලන රජය ගොඩනැගීමට සහය දක්වන ලදි.

Related posts

කදවුරේ පිපිරීම: ජීවිත – දේපළ හානි කොතෙක්දැයි තවම නොදනී.. 1Km දුරට ජනතාව තව දුරටත් ඉවත් කෙරේ

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

මැරෙන්න මොහොතකට පෙර හෝ ඥානසාර හිමිට කල අසාධාරණයට විපාක ලැබෙයි – දියසෙන්පුර විමල හිමි

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday

එක් දිනකදී තවත් සැකකරුවෝ 1,182ක් යුක්තිය මෙහෙයුමට කොටුවෙති

Admin