Colombo Today Local News

නඩුවක් අහද්දී නීතීඥයෙකුට ඇගිල්ලෙන් ඇනලා.. පවිත්‍රා උසාවියෙන් සැරට අහගනී

pavithra

තමා වෙනුවෙන් පෙනී සිටි කණිෂ්ඨ නීතිඥවරයෙකුට විවෘත අධිකරණ ශාලාවේදී උපදෙස් ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එසේ නොකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගාල මහත්මිය අද (28දා) තරයේ අවවාද කළාය.

නීතිඥවරුන්ට උපදෙස් ලබාදිය යුත්තේ අධිකරණයෙන් පිටදී මිස නඩු කටයුත්ත විභාග වන අතර තුළදී නෙමෙයි. මේ නඩුවට විතරක් විශේෂත්වයක් දක්වන්න මට බෑ. පැමිණිලිකාරියත් නීතිඥවරියක්. ඒ නිසා ඇයට උසාවියේදී හැසිරිය යුතු ආකාරය ගැන දැනුමක් තිබිය යුතුයි යැයි මහේස්ත්‍රාත්වරිය අවවාද කරමින් පැවැසුවාය.

නඩුවකට අදාළව පැමිණිලිකාර මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනිසිටි නීතිඥ මණ්ඩලයේ කණිෂ්ඨ නීතිඥවරයෙකුගේ ශරීරයකට පැමිණිලිකාරිය ඇගිල්ලෙන් ඇන ඇන උපදෙස් ලබාදෙන අයුරු හා ඔහුව අධිකරණයේ පසෙකට ගෙන ගොස් උපදෙස් ලබාදෙනු දුටු අතිරේක මහේස්ත්‍රාත්වරිය එලෙස තරයේ අවවාද කළාය.

Related posts

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Admin

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday