සතොසෙන් සීනි කිලෝ ග්‍රෑම් දෙකක් මිලිදී ගැනීමට අවශ්‍ය නම් රුපියල් 1000ක භාණ්ඩ ලබාගත යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.
එසේම ඇතැම් සතොස වෙළදසැල්වල එම වටිනාකම රුපියල් 2000 දක්වා වැඩි කර ඇතැයිද එම සංවිධානය සඳහන් කරයි. මෙය පාරිභෝගික අයිතීන් කඩකිරීමක් බවත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ බවත් පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි