Colombo Today Local News

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

ravi - mendis arrack
මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ගේ වැඩි කොටස් හිමිකාරීත්වයෙන් යුතුවූ මෙන්ඩිස් අරක්කු සමාගමේ සියලුම කොටස් මුදල් ඇමති රවී කරුණානායක විසින් මේ වන විට මිළදී ගෙන ඇති අතර අමාත්‍යවරයා විසින් සිය අමාත්‍යාංශ බලතල යොදවමින් අනෙකුත් සමාගම් කුඩුපට්ටම් කර තම අරක්කු සමාගම ප්‍රවර්ධනය කිරීම සදහා දැනටමත් සැළසුම් සහගත වැඩපිළිවෙලක් අරඹා අති බවට අනාවරණය වනවා.

නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාර වැටලීමට සහ රජයේ බදු මුදල් ගෙවීම පැහැරහරින මත්පැන් සමාගම්වලට එරෙහිව කටයුතු කිරීමට යැයි ප්‍රකාශ කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ‘නීතිවිරෝධි මත්පැන් වැටලීමේ විශේෂ ඒකකයක්’ පසුගිය සතියේ පිහිටුවා ඇත. නීතිවිරෝධී මත්පැන් වැටලීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විටත් මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර මිරිහාන, වලාන දූෂණ මර්ධන ඒකකය ඇතුළු පොලිස් විශේෂ ඒකකද ක්‍රියාත්මක වේ. එසේ තිබියදී මත්පැන් නිශ්පාදනාගාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සදහා අමාත්‍යාංශය යටතේ නව ඒකකයක් පිහිටුවීමේ අරමුණ වන්නේ බදු ගෙවීම් පැහැරහැරීම් චෝදනා සහ බලපෑම් එල්ල කර අනිකුත් සමාගම්වලට වසා දමා මත්පැන් නිශ්පාදන ඒකාධිකාරිය තම සමාගම සතුකර ගැනීම සදහා බවට චෝදනා එල්ල වනවා.

මහා පරිමාණයෙන් බදු ගෙවීම් පැහැර හරින සූදු ව්‍යාපාර, පාරිභෝගිකයන් සූරා කන කළුකඩ ව්‍යාපාරවලට එරෙහිව වැටලීම් ඒකක ක්‍රියාත්මක නොකර එම බදු අසරණ මහජනතාවගෙන් අයකරගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන පසුබිමක ඇතිතරම් ආයතන තිබියදී අමාත්‍යාංශ බලතල යොදාගනිමින් තවත් මත්පැන් වැටලීම් ඒකකයක් පිහිටුවමින් ඒ හරහා තම සමාගම පමණක් ප්‍රවර්ධනය කර ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීමට කටයුතු කරමින් සිටින බවට පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරදය අමාත්‍යවරයා වෙත චෝදනා කර සිටින අතර වහාම නීතිවිරෝධීව පිහිටවූ නව ඒකකය විසුරුවා හැර සුරාබදු දෙපාර්තමේන්තුව ශක්තිමක් කරන ලෙසද ඔවුන් මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Related posts

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

කොළඹ වැසෙන පාරවල්

Admin

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday