Colombo Today Local News

කදවුරේ පිපිරීම: ජීවිත – දේපළ හානි කොතෙක්දැයි තවම නොදනී.. 1Km දුරට ජනතාව තව දුරටත් ඉවත් කෙරේ

kosgama

ඊයේ පස්වරුවේ කොස්ගම, ශාලාව යුද හමුදා කදවුරේ ඇතිවූ දැවැන්ත පිපිරීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානි කොතෙක්දැයි නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැත.

ඊයේ මධ්‍යම රාත්‍රිය වනතු‍රුත් සහායක භට කණ්ඩායම්වලට කදවුර ආසන්නයට යෑමටවත් නොහැති තත්ත්වයක් පැවති අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ගින්න මේවන විට පාලනය කර ඇති බවයි.

යුද හමුදා කදවුරේ සිටි සෙබළුන් සහ අසල රණවිරු ගම්මානයේ පදිංචි පිරිස් ගැනත තොරතුරක් නොමැති බව ඊයේ රාත්‍රියේ මාධ්‍ය වාර්තා කර තිබුණා. නිළ නොලත් වාර්තා දක්වන්නේ සිද්ධිය වනවිට කදවුරේ හමුදා සාමාජිකයන් පන්සියයක වැඩි පිරිසක් සිටින්නට ඇති බවයි. කෙසේ වෙතත් ගින්න පැතිරී යන අවස්ථාවේදි බොහෝ පිරිසක් එම ස්ථානයෙන් ඉවත් වන්නට ඇති බවද සදහන් වනවා.

පිපිරීම හේතුවේ ඊයේ රාත්‍රීයේ ඉවත් කරන ලද අවට ජනතාවගෙන් කදවුරේ සිට කිලෝමීටර් 01ක දුරින් පදිංචි ජනතාව හැර අන් පිරිස්වලට නැවත තම වාසස්ථාන වෙත යා හැකි යැයි යුද හමුදාව දන්වා තිබේ.

කොස්ගම ශාලාව යුධ හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ ඉහත් කරන ලද අවට ජනතාවගෙන් කඳවුරේ සිට කිලෝමීටර 01ක දුරින් පදිංචි ජනතාව හැර අන් පිරිස්වලට නැවත තම වාසස්ථාන කරා යා හැකි යයි දන්වා තිබේ.

Related posts

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

colombotoday

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday