Colombo Today Local News

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

talatha athukorala

අද ශ්‍රී ලංකාවට ලැබෙන එකම ආදායම වී ඇත්තේ රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ලැබෙන මුදල් බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එබැවින් කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කිරීමේ හැකියාවක් නැති බව ‘බිබිසි සංදේශය’ සමග ඇය ප්‍රකාශ කළාය.

විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ගේ වයස අවුරුදු 21 දක්වා අඩුකිරීම තුලින් වැඩි පිරිසකට අඩු වයසකින් යම් මුදලක් උපයාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ද ලැබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලාංකීය කතුන් මැදපෙරදිග රටවලට යැවීම නතර කල යුතු බවට පසුගිය කැබිනට් මණ්ඩලයේදී සාකච්ජාවට ලක්වූ අතර වයස 21ක අඩු කාන්තාවන් මැදපෙරදිග ගෘහ‍ සේවය සදහා යෑවීම නීතිගත කිරීම සදහා තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

 

Related posts

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

colombotoday

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday