හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාව (3 දා) සිට මුළුමනින්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාවෙන් අඩක් මැයි 2දා ඉවත් කළ අතර, ඉතිරි හමුදා නිලධාරීන්ද ඉවත් කිරීමට නියෝග ලැබී ඇතැයි හමුදා මුලස්ථානය දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස පැවිදි හඬ සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පෙරේදා (1 දා) සවස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටි බවත් ජනපතිවරයා විසින් එම ඉල්ලීම නොසළකා හැර ඇති බවත් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ මාධ්‍ය හමුවකදී පැවසූහ.