Colombo Today Local News

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

bajaj re 60

ඉන්දියාවේ බජාජ් මෝටර්ස් සමාගමේ නවතම අඩුමිල මොටර් රථයක් මෙරට වෙළදපලට හදුන්වාදිම සදහා එම සමාගම සූදානම් වේ. මේ වන විටත් එම රථ කිහිපයක් මෙරටට ගෙන්වා ඇති අතර තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.

Quadricycle (කොඩ්රිසයිකල්) මාදිලියට අයත්වන මෙම බජාජ් Qute වර්ගයේ රථය අමෙරිකානු ඩොලර් 2000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මිලකට ඉන්දීය වෙළදපොලට හදුන්වා දී ඇත.

පුද්ගලයන් සිව් දෙනෙකුට ගමන් කළ හැකි මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් වන අතර පෙට්රල් ලීටරයකින් කිලෝමීටර් 36ක් ධාවනය කළ හැකි බව බජාජ් සමාගම පවසයි. ආරක්ෂාව අතින් පහළම මට්ටමේ රථයක් වන මෙය විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ නාගරික ප්‍රදේශවල ධාවනය කිරීම සදහාය.

කෙසේ වෙතත් මෙම රථය බදු සහිතව ලංකාවේ වෙළදපලට හදුන්වාදෙන මිළ තවම තීරණය කර නැති අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ත්‍රීරෝද රථයකට වඩා අඩු මිලකට මෝටර් රථයක් හදුන්වා දෙන බවයි.

පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වූ පරිද මෙරට ආරම්භ කිරීමට නියමිත බව කියූ ජර්මන් වොක්ස්වාගන් මෝටර් රථ කම්හල පිළිබදව ආණ්ඩුව පාර්ශවයෙන් දැන් කිසිවක් ඇසෙන්නේ නැති තරම්ය. අවශ්‍ය තරම් මානව සම්පත, තාක්ෂණය, දැනුම තිබුණද මෙරට මෝටර් රථ නිශ්පාදන ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා රජයට වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවක් ඇති බවද නොපෙනේ. විදෙස් සමාගම්වලින් ලැබෙන මහා පරිමාණ කොමිස් කුට්ටියට තට්ටුවන නිසා ලංකාවේ නිශ්පාදන දියුණු කිරීමට දේශපාලකයන්ට හා බලධාරීන්ට උවමනාවක් නැතිවා වන්නටද පුලුවන. ඉතින් ජීවිත කාලයම කැප කරමින් අමාරුවෙන් හම්බකරගත් තුට්ටු දෙක පුදා ඉන්දියානු සමාගම් පොහොසත් කරනවා වෙනුවට අප රටේම නිශ්පදනය කළ මොටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට ශ්‍රී ලාංකික අපට තව කොතෙක් කාලයක් බලා ඉන්නට සිදුවේද?

Related posts

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිත

colombotoday