Colombo Today Local News

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

pubudu jayagoda
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට යන මහත්වරුන් මරදාන පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉදිරිපස වීදුරුවක් බිඳ තිබීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24දා) පෙරවරුවේ මරදාන පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඔවුන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුමාර් ගුණරත්නම් මහතා සිරගත කළ අවස්ථාවේ එයට විරෝධය පළකරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී එහි ඉදිරිපස වීදුරුව බිඳ තිබිණි.

Related posts

“කවදාවත් නැති විදිහට හජ් වන්දනා කෝටාවත් අඩු කරලා.. ආණ්ඩුව ගැන ලැජ්ජයි” – අසාත් සාලි

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

Admin

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday