යුද ජයග්‍රහණයේ හත්වන වසර සලකුණු කරමින් ‘රණවිරු විජයග්රහණ අභිනන්ද පූජා‘ නමින් සැමරුම් වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා කුරුණෑගලදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (13) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කුරුණෑගල බෞද්ධ මහ පිරිවෙණේදී එය පවත්වන බවයි.
රජයෙන් සැමරුම් උත්සවයක් සංවිධාන නොකිරීම හේතුවෙන් මෙම වැඩසටහන සංවිධාන කර ඇති බවත් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.