රජය විසින් පනවනලද Vat බද්ද හේතුවෙන් බස් ගාස්තු ඉහල දැමීම සදහා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා.
අවම ගාස්තුව රු.10 ක් ලෙස සංශෝදනය විය යුතු බවත් අනෙකුත් ගාස්තු 25%කින් ඉහල දැමීම සදහාත් යෝජනා වී ඇති අතර නව බදු පැනවීම මත බස්රථ අමතර කොටස් මිල ඉහල යාම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය මිල ඉහල යාම හේතුවෙන් බස් රථ කර්මාන්තය පවත්වාගන යාම සදහා ගාස්තු සංශෝදනය වියයුතු බව බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.