Colombo Today Local News

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

gheewara23
දකුණු පළාතේ සිට මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ මසුන් මැරීමට පැමිණෙන ධීවරයන් නවතා දැමීමට පියවර ගන්නා බැව් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශිවමෝහන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශිවමෝහන් ඇතුළු පිරිසක් මුලතිව් ධීවර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මුලතිව් ධීවර සංගම් කාර්යාලයේදී පෙරේදා (30දා) පැවැති සාකච්ඡාවකදී ශිවමෝහන් මහතා එලෙස පැවැසීය.

මුලතිව් ධීවර සංගම් නියෝජිතයන් පැවැසුවේ දකුණු පළාතේ සිට පැමිණෙන ධීවරයන් හේතුවෙන් වර්තමානයේ මුලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර රැකියාව සිදු කර ගැනීමට නොහැකි වී ඇති අතර එම ධීවරයන් මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින්ද ධීවර කටයුතු සිදු කරන බවයි.

ධීවර රැකියාව සිදු කර ගැනීමට දැල් ආම්පන්න නොමැති අතර ධීවර බෝට්ටුද ප්‍රමාණවත් පරිදි නොමැති බැව්ද ධීවර සංගම් නියෝජිතයෝ පැවසූහ. අදාළ ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා හා ධීවර අමාත්‍යවරයා දැනුවත් කොට නිසි විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බැව් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසුවේය.

මේ අතර පසුගිය අප්‍රේල් 11 වනදා මුලතිව් කොක්කතුඩුවායි සිංහල ධිවර ගම්මානයට පැමිණි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී. රවිකරන් ඇතුළු පිරිසක් එම ගම්මානයෙන් පිටව යන ලෙස එහි සිංහල ධීවරයන්ට තර්ජණය කර තිබිණි.

කොක්කතුඩුවායි ගම්මානයේ ධීවර කටයුතු කරන වැඩි පිරිස මීගමුව, හලාවත ප්‍රදේශවලින් සංක්‍රමණය වූ පිරිස් වන අතර බටහිර මුහුද රළු වන සමයේදී කෝකිලායි ප්‍රදේශයට පැමිණ තාවකාලික වාඩිලාගෙන ධීවර කටයුතු කිරීම ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ කරගෙන යති.

කෝකිලායි, නයාරු ධීවර ගම්මානයේ පාරම්පරිකව පදිංචිව සිටින සිංහල ධීවරයින් එයින් ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් කල ඉල්ලීම ධීවර අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රතික්ශේප කර තිබිණි.

Related posts

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

colombotoday

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday