Colombo Today Local News

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

bbs

බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වල දේශපාලකයන් ශ්‍රී ලංකාවේ බෙදා වෙන්කිරීම සදහා දෙමළ ඊළාම් ඩයස්පොරාව සමග එළිපිටම කටයුතු කරමින් රටට එරෙහිව ප්‍රකාශ කරද්දී රට වෙනුවෙන් ඒවාට පිළිතුරු දෙනවා වෙනුවට විදේශ ඇමති මංගල සමරවීර ඔවුන් සමග එකට හිදගෙන එම ප්‍රකාශ අනුමත කරමින් රටට එරෙහි පරගැති දීන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ උතුරේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සදහා තමන් උපරිම සහය දක්වන බවට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වෙන ලේබර් පක්ෂයේ නායකයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සදහන් කළේ වෙනත් රටක් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශකයක් සිදුවූයේ නම් විදේශ අමාත්‍යංශය මැදිහත් වී අදාළ තානාපති අංශ කැදවා එම ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහෙත් පරගැති මානසිකත්වයෙන් කටයුතු කරන ලංකාවේ විදේශ ඇමතිවරයා ර‍ටට එරෙහි බලවේග සමග එකට හිදිමින් ඔවුන්ගේ ප්‍රකාශ අනුමත කරමින් නිහඩව සිටින බව පවසන බොදු බල සේනා සංවිධානය, කොන්දක් තිබේනම් එම ප්‍රකාශ වලට එරෙහිව පිළිතුරු දෙන ලෙසත් විදේශ අමාත්‍යවරයාට අභියෝග කර සිටියා.

Related posts

අගමැති ඉවත්කළ හැකිද? ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ තීරණය අතිහිටවයි

colombotoday

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday