Colombo Today Local News

IMF දෙන ණයට හිලව් වෙන, ජනතාවගේ බඩට වදින කොන්දේසි 5 මෙන්න !

fimf

ඉදිරි සති දෙක ඇතුළතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ලබා ගැනීමට සූදානම්වන ණය මුදල සදහා කොන්දේසි පහකට එකග වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියහ.

” පසුගිය 15 දා ලංකාවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වොෂිංටන් බලා පිටත්වුනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාකර ණයක් ගන්න.

ඒ වගේම පසුගිය මාර්තු 31 සිට අප්‍රේල් 11 දක්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවේ සංචාරය කළා. ඒ අය කිව්වේ ලංකාවට මාස 36 කදී ගෙවන්න ඩොලර් බිලියන 1.2ක ණයක් දෙනවා කියලා.

ඒත් පසුගියදා වොෂිංටන් ගිය මුදල් ඇමති කිවවේ ඩොලර් බිලියන 3 දක්වා ඒ ණය මුදල වැඩි කරගන්න උත්සහ කරනවා කියලා.

ලංකාවේ සංචාරය කරපු මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලංකාවෙන් යනකොට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණේ ඩොලර් බිලියන 2.1 ඉදිරි සති දෙක ඇතුලත ලබා දෙන බවත් ආණ්ඩුව එය ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට සාකච්ඡා කරන බවත්.

මේ අතර පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පත්වල මහබැංකුවවේ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ජී සිරිවර්ධන කියලා තිබුණා. මේ ඉල්ලන ඩොලර් බිලියන 3 වත් ප්‍රමාවත් නෑ අඩුම තරමේ ඩොලර් බිලියන 4.6ක වත් ණයක් අවශ්‍යයි කියලා. ලංකාවේ විදෙස් සංචිත ඉතා පහළ මට්ටමකට වැටී ඇති නිසා හැකි හැම තැනින්ම ණය ගත යුතු බවටයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.”

ප්‍රධාන කොන්දේසි 5ක් :

මේ අයුරින් ආණ්ඩුවේ ණය ගැනීමට ඇති සැබෑ වුවමණාව සහ පවතින සැබෑ ආර්ථීක අර්බුදය පිළිබඳ අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා, මේ වෙනුවෙන් ලෝක බැංකුව හා ආණ්ඩුව අතර ඉදිරිපත්ව ඇති කොන්දේසි පිළිබඳ අදහස් දැක්විය.

ඔහු මේ සඳහා පාදක කොටගෙන තිබුණේ ලංකාවේ සංචාරයට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයයි.

මේ අනුව මෙකී ණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව වෙත ප්‍රධාන කොන්දේසි 5ක් ඉදිරිපත් කර තිඛෙනවා.

01. අය වැය පරතරය 5.4%ක පවත්වාගෙනය යාම සඳහා ආණ්ඩුවේ වියදම් කප්පාදුව.

මේ යටතේ ප්‍රධාන අමාත්‍යංශ 36ක වියදම් කපා දැමීමට නියමිතයි. මේවා අතර වන අමාත්‍යංශ වන්නේ, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත, වතු වැවිලි, මහවැලි ආදී අමාත්‍යංශයයි.

මේ ලෙස සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් බලපාන අමාත්‍යංශ වල වියදම් කපා දැමීම තමයි පළමු කොන්දේසිය.

ආණ්ඩුව මෙම කොන්දේසි වලට එන්නේ දිනෙන් දින සිය ඇමති මණ්ඩලය පැටව් ගසමින් එකී ඇමැතිවරුන්ගේ වියදම් වැඩි කරන පසුබිමක බවට පුබුදු ජයගොඩ මහතා චෝදනා කර සිටියේය.

02. බදු ක්‍රමය වහාම සංශෝධනය කිරීම.

මෙහිදී පසුගිය මාර්තු මාසයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශය විශේෂයි. එහිදී අගමැතිවරයා කිව්වා ධනපතියන්ට ප්‍රාග්ධනයට බදු වැඩි කරන බවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැට් බදු වැඩි කිරීමක් යෝජනා කරන බව.

මේ අනුව කලින් තනි අගයක තිබූ වැට් බදු ප්‍රතිශතය වූ 11% වර්ග දෙකකට කොටස් කර 8% ක සහ 12.5% වැට් බදු යෝජනාවක් කළා.

නමුත් දැන් මැයි දෙවැනිදා සිට සිදු වන වැට් බදු සංශෝධනයේදී යෝජනා කර තිඛෙනවා 15% වැට් බද්දක්.

ඒ අනුව කළින් නියම කළ බදු දෙවර්ගයම වැඩි වෙනවා. මේක ක්‍රියාත්මක වෙන්න තිබුණේ අප්‍රේල් මුල සිට නමුත් පැමිණි විරෝධතා නිසා ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට මෙය අදාළ වෙන්නේ නෑ කියලා.

නමුත් මේ වෙනකම් වත් මේ භාණ්ඩ වර්ග ගැන ආණ්ඩුව මොකුත් කියලා නෑ. ඒ අනුව සිදු වීමට නියමිත කලින් වගේම කොත්තමල්ලි, සූදුරු වගේ දේවල් මේ ලයිස්තුවට ඇතුලත් කර සැබෑ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල වැඩි වීම.

අනෙක් විශේෂ දෙයනම් මෙහිදී වැට් බදු වලට අදාල අලූත් ක්ෂේත්‍රත් ආණ්ඩුව හඳුන්වලා දීලා තියෙනවා.

ඒ යටතේ පෞද්ගලික අධ්‍යාපන, පෞද්ගලික සෞඛ්‍ය, සන්නිවේදන වගේ අංශයන්ගේත් බදු වැඩිවීම් සිදුවෙනවා. සාමාන්‍ය අද වෙනකොටත් විශේෂයෙන් ජංගම දුරකතන ආදිය සාමාන්‍ය ජනතාව භාවිතා කරන භාණ්ඩ බවට පත්ව තිඛෙනවා.

මේ වෙනකොටත් ඒවයේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ බදු. මේ නව සංශෝධන අනුව මේ සියල්ල වැඩි වෙනවා. ටියුෂන් වල ඉඳලා ජංගම දුරකතන දක්වා. ඒ වගේම සිල්ලර හා තොග වෙළඳදාමට අදාලව සිදුවෙන වැට් බදු අයකිරීම් මගින් සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ වල මිල වැඩිවීම අනිවාර්යයි.

ඕකයි අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වේ පහුගිය කාලේ තිත්ත බේත් බොන්න ලැහැස්ති වෙන්න කියලා. ආණ්ඩුව අවුරුදු නැකත ජනතාවට දීල තියෙන්නේ තිත්ත ඛෙහෙත් බොන්න. මෙහෙම ගියොත් නත්තලට හම්බවෙන්නේ වස බොන්න.

03. කාර්තුවට මිලියන 25 වැඩි ආදායම් ලබන්නන් වෙනුවෙන් තිබූ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කරන ආදයම් සීමාව කාර්තුවට මිලියන 3 දක්වා අඩු කරන්න යෝජනා වෙලා.

මෙය බලපාන්නේ ධනපතියන්ට නෙවෙයි. විශේෂයෙන් සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට මෙය බලපානවා.

ධනපතියන් වෙනුවෙන් අය කරනව කිව්ව බදු ගැන ආණ්ඩවේ කතා අවසන් වෙලා.

මන්දිර බද්ධක් අයකරනවා කිව්වා කෝ ඒක? සුපිරි වාසි බද්ධක් අයකරනවා කිව්වා. කෝ?

මේ වෙනුවට ඒ සියලූ බදු බර සාමාන්‍ය ජනතාව වෙත පටවා ඇති බවට පුබුදු ජයගොඩ මහතා මෙහිදී චෝදනා කළේය.

ධනපතියන්ට සහන දිලා සියලූ බර පීඩිතයන්ට පටවලා.

ජනතාව කබලෙන් ලිපට වැටිලා.

දැන් ජනාධිපතිවරයා කියනවා මේ වගේ වැඩ වලට එයා ඉඩ දෙන්නේ නෑ කියලා. නමුත් තියෙන ප්‍රශ්නය තමයි මේව තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලයේදී. එතැන ප්‍රධානියා ජනාධිපතිවරයා.

එතනදි මේ ගැන කතා කරන්නේ නැතිව බම්බු ගහනවාද කියලයි අහන්න වෙන්නේ. බම්බු ගහනවා කියන එක එතුමාගේ වචනයක්නේ. එතුමා හැම දෙයක්ම දැනගැන්නේ පත්තරෙන්නේ.

04. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකකරණය කිරීම.

මේ කොන්දේසි මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට සම්පූර්ණ කරන්න ඕන. දැන් මේක පසුගිය අයවැයත් එක්ක සම්බන්ධයි. අයවැය යෝජනාවක් තිබුණා. මේවැනි ව්‍යවසායන් පෞද්ගලීකරණයෙන් රැපියල් බිලියන 25ක ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව.

මෙහිදී පාඩු ලබන මෙවැනි ව්‍යවසායන් විධියට නම් කරලම තියෙනවා එක ආයතනයක්. ඒ ශ්‍රී ලංකා එයාර් ලයින්. මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්කත් සම්බන්දයි. ඒ කාලයේ තමයි මේ ආයතනයට මෙහෙම වුනේ.

මෙහිදී අහන්න තියෙන්නේ මිනිස්සු මේවගේ යන්නේ නිකන් නෙවෙයි. ටිකට් අරගෙන මුදල් ගෙවලා. ඉතින් ආණ්ඩුවකට බැරිනම් ඒ විධියටය මිනිසුන් මුදල් ගෙවල භාවිතා කරන සේවාවක් පවත්වාගෙන යන්න.

ආණ්ඩුවලට මොණවද කරන්න පුළුවන්. ඒක පෞද්ගලීකරණය කරන එකද තියෙන්නේ? මේ වෙන මොකවත් නෙවෙයි ආණ්ඩුවේ අසමත්කම. ඒ නිසා ආණ්ඩුවයි හරිනම් ඉල්ලා අස්වෙන්න ඕන.

05. ආර්ථීකයේ සිදු කරන ව්‍යුහාත්මක වෙනස්කම්.

අපි මේ ගැන පසුගිය අයවැය ඉදිරිපත් කරපු වෙලාවේ කතා කළා. අපි එහිදී කතා කළේ ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම පිළිබඳ මේ නිසා පහුගිය ගෙවුණු මාස 12 ඇතුළත ඩොලර් බිලියන 2.8ක් ලංකාවෙන් ඉවත් කරගෙන තියෙනවා.

මේ නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 1.7යි. විශේෂඥයෝ කියන්නේ ඉදිරිමාස කිහිපය තුළ මෙයිනුත් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් ඉවත් කරගනී කියලා.

ආණ්ඩුව මේ හැමදේම කළේ විදේශ ආයෝජන ගෙන්නනවා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ.

මේ විධියට ගියොත් ලැඛෙන්න පුළුවන් විදෙස් ආයෝජන ප්‍රමාණය මේ අවුරුද්දේ ඩොලර් බිලියන 0.3යි. ආණ්ඩුවේ ඉල්කකය වුනේ ඩොල්ර් බිලියන 5ක්.

පසුගිය අවුරුද්දේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 7.6ක් හොයලා තියෙනවා. මෙහිදී ඇඟලූම් වලින් විතරක් ඩොල්ර් බිලියන 4.5යි.

දැන් ආණ්ඩුව මොකක්ද කරන්නේ. මේ එනව කියන ධනපතියන්ට සහන දෙන ගමන් සම්පූර්ණ බර පීඩිතයන්ට පටවනවා. එට්කාගේන්නේ, කම්කරු නීති සංශෝධන ගේන්නේ, මෑන්පවර් ක්‍රමය ශක්තිමත් කරන්නේ, පරිසර නීති නොතකමින් යන්නේ මේ සියලූ දේ කරන්නේ ධනපතියන්ගේ ලාභය වෙනුවෙන්.

මේ එක්කම මහා පරිමාණ හොරකම් සිදුවෙනවා.

ඒවා මහින්ද රාජපක්ෂගේ කාලෙත් වුණා. ඊට පෙරත් වුණා.

අපිට මතකයි චන්ද්‍රකාගේ කාලේ. චැනල් නයින් ගනුදෙනුව. වෝට්ස්ඒජ් ගනුදෙනුව, දැන් පැනම පත්‍රිකා අනුව ග්ලෝබල් ෆයිනෑන්සියල් පෙන්වා දෙන පරිදි ඩොලර් බිලියන 19.9ක් ලංකාවේන් නීති විරෝධී ලෙස පිට කරලා තියෙනවා.

ඒ කියන්නේ රුපියල් ටි්‍රලියන 2.28ක්. දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.8%ක කොටසක්.

ඉතින් මේ විධියට. ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම නිසා ඇති වූ තත්වයන්ට, හොරා කෑම නිසා සිදුවූ පාඩුවලට, අධික ලෙස සෝබන වියදම් නිසා ඇතිවූ ණය බරට, ඇමතිවරු වැඩි වීම් ආදියෙන් සිදුවන රජයේ වියදම් වැඩිවීම් ආදී සියලූම බර සාමාන්‍ය ජනතාවගේ පිට පැටවීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කියන්නේ මේවට විරුද්ධ වෙන්න.

ධනපතියන්ට පුළුවන්නම් එක ටෙලිෆෝන් කෝල් එකකින් තමන් වෙත එන බදු යෝජනා වෙනස් කරන්න මෙරට සාමාන්‍ය ජනතාවට අයිතියක් තියෙනවා. මේවට විරුද්ධ වෙන්න.”

Related posts

“කටින් කී දේ ක්‍රියාවෙන් කර පෙන්වන්න” – මැලේසියා අගමැතිගෙන් ජනපති මෛත්‍රීට දොස්මුරයක් ?

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

Admin