නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) වන දින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාගෙන් ප්රකාශයක් ලබා ගෙන තිබේ.
ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කර ඇත.
එබැවින් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මන්ත්රීවරයාගෙන් මෙම ප්රකාශය ලබා ගෙන ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වැඩ බලන අධ්යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බවට වාර්තාවේ.
සටහන – සත්සරණී