ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතාගේ නම නිර්දේශ වී ඇත.
නව පොලිස්පතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 3ට රැස්වූ අතර ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්තෙන් පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයට නිර්දේශ වී ඇත.
නව පොලිස්පතිවරයාගේ පත්වීම ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර ජනපති අත්සනින් පසු පොලිස්පති ධූරය නීත්‍යානුකූල වෙයි.